මනූෂත් ගන්න එපාලු


ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ආණ්ඩුවට එකතු කර නොගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනකුගේ මෙහෙයවීමෙන් ප්‍රදේශවාසීහු පිරිසක් ගාල්ල බස් නැවතුම්පොළේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. ගාල්ල මහ විදීයේ පෙළපාලියක් ගිය ඔවුහු බස්නැවතුම්පොළ අසල පාරේ වාඩි වී විරෝධයපාති. එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟකල මනූෂ නානායක්කාර මහතා පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දැක්වූවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ලැබීමෙන් පසු ඔහුට සහය දක්වන බව ප්‍රකාශ කළේය.

_DSC5913 600

_DSC5923 601- Copy