මනූෂගෙන් උපේක්ෂාගෙන් ලිඛිත සාක්ෂි කැඳවයි


දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කිරීම නිසා පක්ෂ සාමාජිකත්වයන් අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීන්වන මනුෂ නානායක්කාර සහ උපේක්ෂා ස්වර්ණමාලි ගොනු කළ පෙත්සම් දෙක සම්බන්ධයෙන් ලබන ජූනි 13 වැනි දින ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස අද (21) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමල් රණරාජා මහතා පැමිණිලි සහ වගඋත්තරකාර පාර්ශවයන්ට නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරු වගඋත්තරකරුවෝය.