පොළොන්නරුවේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 6,80,000 වංචා කළ බව කියන අනුරාධපුර මධ්‍යම නුවර ගම්පළාත ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයකු රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පොළොන්නරුව මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය. අනුරාධපුර, ඇලයාපත්තුව, මාතිංගමුව පදිංචි රත්තමලලලාගේ හෙන්රි බණ්ඩාර ඔහුය.
පොළොන්නරුවේ මාර්ගවලට අතුරන කොන්ක‍්‍රීට් ගල් නිෂ්පාදනය කරන ආයතනයකින් කොන්ක‍්‍රීට් ගල් ලබාගෙන ව්‍යාපාරිකයාට රුපියල් 6,80000 වංචා කළැයි උසාවියේදී කියැවිනි එම මුදල වාරික තුනකින් ගෙවීමට මන්ත‍්‍රී එකඟවිය.