මනාලයාට අටයි : මනාලියට හැටයි


දකුණු අප්‍රිකාවේ ට්ෂ්වාවේන්හි අට හැවිරිදි පිරිම දරුවෙක් සිය සීයා සතුටු කිරීමට හැට එක් හැවිරිදි පස්දරු මවක් සමග විවාහ විය.

සැනේල් මැසිනේලා, හෙලන් ෂාභංගු හා විවාහ වූයේ භූතයකුගෙන් සිදුවන උපද්‍රවයක් වළක්වා ගැනීම සඳහාය.

මගුලට ආරාධිතයෝ සිය දෙනෙක් සහභාගී වූහ.

ඔවුහු මුදු හුවමාරු කර ගත්හ. සැනේල්ගේ මව මනාලියට අප්‍රිකා පවුම් 1500ක් (රුපියල් 286464) දුන්නාය.

ඔවුන් දෙදෙනා විවාහ සහතිකයකට අත්සන් නොකළ නිසා ඔවුන් නීත්‍යනුකූලව අඹුසැමියන් වශයෙන් නොසැලකේ.