මනාලයා හමුදාවේ : මනාලිය උතුරේ


දකුණේ සිංහල  හමුදා කෝප්‍රල්වරයෙක් හා මුලතිවි නැවත පදිංචි තරුණියක අද(30) මුලතිවි තන්නිරුටිරු කිතුනු දේවස්ථානයේදි කිතුනු චාරිත්‍රානුකූලව යුග දිවියට ඇතුළු විය.

මුලතිවි ශ්‍රී ලංකා යුද හමුදා 23 වන පාබල හමුදා කෝප්‍රල්  සිරිමල් ප්‍රසංග කුමාර (22)  හා මුලතිව් මුල්ලියාවේලි පොන්නගර්හි මේරි තෙරේසා (20) නව යුවළයි.

23 වැනි පාබල හමුදා අණදෙණ නිළධාරි කර්නල් සචින්ද්‍ර විජේසිරිවර්ධන මහතා පැවසුවේ තම බලකායේ  නිළධාරියා මුලතිවි මුල්ලියාවේලි පොන්නගර් පදිංචි මේරි තෙරේසා සමග ප්‍රේම සමිබන්ධතාවයක් පවත්වන බැවි තමන්ට පැවසීමෙන් පසුව තමන් ඒ සමිබන්ධයෙන් මුලතිවි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එල්.බි.ආර් මාර්ක් මහතාට පැවසීමෙන් අනතුරුව මුලතිවි ආඥාපතිවරයා ඒ සමිබන්ධයෙන් ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක ලේකමිතුමන්ගේ ආශිර්වාදය හා මගපෙන්වීම යටතේ මුලතිවි ආරක්ෂක සේනා ආඥාපතිතුන්ගේ මෙහෙයවීමෙන් මුලතිවි යුධ හමුදා සියලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ ආශිර්වාදය හමුවේ යුද හමුදා කෝප්‍රල් සිරිමල් ප්‍රසංග කුමාර නිළධාරියාගේ විවාහ කටයුතු සංවිධානය කළ බවයි.

කෝප්‍රල්ගේ පියා වන එස්.සිරිපාල හා එස්.ගීතා දෙමාපියන් පැවසුවේ තම පවුලේ දෙවැනි දරුවා වු සිරිමල් ප්‍රසංග කුමාර මුලතිවි  තරුණියක් සමග අතිනත ගැනීම සමිබන්ධයෙන් තමන් මහත් සතුටට පත් වන බවයි.

වැඩසටහන් අවස්ථාවට මුලතිවි දිසාපති එන් වේදනායගමි මහතා, 64 සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.ඩී.බී.පනන්වල මහතා,ආරක්ෂක සේනා මූලස්ථාන මුලතිවි පාලන අංශයේ බ්‍රිගේඩියර් ටි.පී.ජයවර්ධන මහතා,591 බළසේනාධිපති බ්‍රිගේඩියර් එස.කේ.ජී.එන්.බී. ඇහැළමල්පේ මහතා,593 බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්.වීරවර්ධන මහතා, විවාහපත්  යුවළගේ දෙපාර්ශ්වයේ ඥාතීහු,මුලතිවි ප්‍රදේශවාසීන්, මුලතිවි ආරක්ෂක කලාපයට අයත් උසස් යුධ හමුදා නිළධාරීන්  ඇතු`ථ විශාල පිරිසක් සහභාගි වි සිටියහ.