මන්නාරම වංකාල මුහුදු තීරයේ මාළු ඇල්ලීමට ගිය බෝට්ටුවක සිටි තිදෙනකුට තවත් බෝට්ටුවකින් පැමිණි පිරිසක් පහර දී ඇතැයි ද එක් අයකු දිවි බේරාගැනීමට මුහුදට පැන කිලෝමීටර් 10ක පමණ දුරක් පිහිනා ගොඩබිමට පැමිණ ඇතැයිද පොලිසිය කියයි.
පිහිනා පැමිණි බෝට්ටුකරු පොලිසියට සිද්ධිය පිළිබඳව පොලිසියට දැන්වීමත් සමග පොලිසිය හා නාවික හමුදාව එක්ව අනෙක් පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී බෝට්ටුවේ සිටි තවත් අයකු හා බෝට්ටුව සොයාගැනීමට සමත්ව ඇතැයි පොලිසිය පවසයි.

