මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් යළි අරඹයි


රොමේෂ් මධුෂංඛ
 
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මි‍නීවලේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් පසුව එම ස්ථානයේ කැනීම් කටයුතු නැවත අද (27)  ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවල කැනීම් කටයුතු තාවකාලිකව පසුගියදා නවතා දැමූ අතර, 106 වැනි දිනට අද (27) නැවත කැනීම් කටයුතු ආරම්භ කළ බවයි.

මේ අතර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ සමූහ මිනිවල කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ජර්මානු තානාපති ඇතුළු කාර්යාල නිලධාරීන් තිදෙනෙකුට අද දිනයේදී සමූහ මිණිවලේ කැනීම් කටයුතු නිරීක්ෂණකට අවසර ලැබී ඇති බවයි.

සමූහ මිනිවලේ සිදුකළ කැනීම තුළින් වර්තමානය දක්වා මිනිස් සිරුරු 235 කට අදාළ අස්ථි කොටස් හමුවී ඇති සොයාගත් අස්ථි කොටස් වලින් මිනිස් සිරුරු 229 කට අදාළ කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මුලින් පස් ඉවත් කළ කොටසේ අස්ථි සෙවීමේ කටයුතු මේවන විට මතුකරගෙන පවතින අතර, අදාළ ස්ථානයට එපිටින් වන අනෙකුත් ස්ථාන හාරා පරීක්ෂා කිරීම තෙවැනි අදියර යටතේ සිදුකරන බවද හෙතෙම පැවසීය.