මැදවච්චිය තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ තිරුකේතිස්වරම් කොටසේ පරීක්ෂණ දුම්රිය ගමන් ඇරඹූ බව ඉදිකිරීම් භාර ඉර්කොන් සමාගම කියයි.
දැනට එම මාර්ගයේ දුම්රිය ගමන් කරනුයේ මඩු දක්වා පමණි. එතැන් සිට කිලෝමීටර් 26 ක් දුර තිරුකේතිස්වරම් දක්වා ඉදිකිරීම් අවසන් කර ඇත. ඒ අතර පිහිටි මුරුක්කන් දුම්රිය ස්ථානයේ වැඩද නිමකර තිබේ.
තිරුකේතීස්වරමේ සිට මන්නාරමට ඇත්තේ තවත් කිලෝ මීටර් 8 ක දුරකි. එම කොටසේ ඉදිකිරීම්ද අවසන් වෙමින් පවතින බව ඉර්කොන් සමාගම මන්නාරම දිසාපති මහින්ද දේශප්‍රිය මහතාට කීය.

