රොමේෂ් මධුෂංඛ
මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදාවට අයත් ගුවන් පථය ආසන්න ප්‍රදේශයේ වළ දමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි.
පොලිසිය පැවසුවේ පුද්ගලයකුගෙන් ලද තොරතුරක් මත මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ බෝම්බ තොගය වළදමා තිබියදී සොයාගත් බවයි.
මෙසේ වළදමා තිබියදී ගොඩගත් බෝම්බ අතර කාලතුවක්කු උණ්ඩ 4 ක්, මෝටාර් උණ්ඩයක්, අත්බෝම්බ 1 ක්, එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ බවට සැකකරන අත්බෝම්බ 1 ක්, ෆියුස් 4 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගත් බවද පොලීසිය කියයි.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ බෝම්බ තොගය මෙම ස්ථානයේ වළදමන්නට ඇති බවට මන්නාරම් පොලීසිය සැක පළකර සිටි අතර සොයාගත් බෝම්බ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.