රොමේෂ් මධුෂංඛ
මන්නාරම සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනී වළ සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ඉදිරිපත් කිරීම බදාදා දිනට පමණක් සීමා කරන ලෙසට මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා නියෝග කර ඇති බව මන්නාරම සමූහ මිනිවළ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මන්නාරම රෝහල් විශේෂ අධිකරණ වෛද්‍ය නිළධාරීන් සමින්ද රාජපක්ෂ මහතා අද (13) දින පැවසීය.
සමින්ද රාජපක්ෂ මහතාගේ මන්නාරම් සමූහ මිණිවලේ පරික්ෂණ කටයුතු පිළිබඳ විමසීමේ වෛද්‍ය වරයා මේ බව පුවසුවේය.
ඒ අනුව නව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අදාළ කරුණු සෑම බදාදා දිනකම උදැසන 10.30 සිට 11.00 දක්වා පමණක් ලබා දීමට නියෝග කර ඇත.
මන්නාරම නව මහේස්ත්‍රාත්වරයා පසුගිය දිනවල පත්වීම ලද අතර, එහිදි අදාළ සමූහ මිනිවළ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ සිදුකළ යුතු බැවින් සමූහ මිනිවළ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය වන්නේ නම් මන්නාරම අධිකරණයේ රෙජිස්ටාර්වරයාගෙන් පමණක් ලබා ගන්නා ලෙසට පළමුව මන්නාරම් මහෙස්ත්‍රාත් වරයා නියෝග කර තිබිණ.
මාධ්‍යට ප්‍රකාශයන් නිකුත් කිරීම බදාදා දින පැය බාගයක් පමණක් තිබුණද අනෙක් සෑම දිනයන්හීම උදෑසන 10.30 සිට 11.00 වන තෙක් ද සවස 3.30. සිට සවස 4 වන තෙක් සමූහ මිණිවලේ ඡායාරූප හා වීඩියෝ ගත කර ගැනීමට අවස්ථාව තිබෙන බවටද සමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
වර්තමානය වන විට මන්නාරම සමූහ මිනිවළ තුළින් දින 69 ක කාලයක් කැනීම් කටයුතු සිදුකොට ඇති අතර, සමූහ මිනිවළ සම්බන්ධයෙන් ඉදිරි තොරතුර එළැඹෙන බදාදා දින නිකුත් කරන බවද සමින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.