මන්නාරම මිනී වලෙන් හමු වු සිරුර කොටස් ඇමෙරිකාවට


( රොමේෂ් මධුෂංඛ)


මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ කරන කැනීම් වලින් අද (07) උදෑසන වන විට සිරුරු ඇටසැකිලි 232 ක් හමුවී ඇති බවත් ඒවායේ වැඩිදුර පරීක්ෂණ සඳහා ඇමෙරිකාවට යැවීමට කටයුතු කරන බව  කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.


මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු අද වන විට 102 වන දිනට සිදු කෙරෙන අතර ගොඩගත් සිරුරු 232න් සම්පූර්ණ සිරුරු කොටස් 224 කට අදාළ සිරුරු අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.


මන්නාරම් සමූහ මිණීවලෙන් හමුවූ සිරුරු කොටස්හි කාල නිර්ණය කිරීම සඳහා අස්ථි කොටස් ඇමරිකාවට යැවීමේ කටයුතු සඳහා අවසරය ඉතා ඉක්මනින් ලැබිය හැකි අතරම එම දිනය ස්ථීරවම කිව නොහැකි අතර බොහෝ දුරට ලබන දෙසැම්බර් මාසයේ අවසරය ලැබෙනු ඇති බවට කැනීම් පරික්ෂණ කටයුතු  සිදුකරන විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.


මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය. 


මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒගජිගඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. 


වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ආර්ගසර්වනරාජා මහතාගේ නියෝග යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතාල මන්නාරම පොලිස් නිළධාරීන් මන්නාරම,  අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.