පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබන වසරේදී විමධ්‍යගත ප්‍රතිපාදන ලෙස රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා දෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
2015 වසර සදහා ගෙවිය යුතුව තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදල සහ 2016 වසරේ ගෙවිය යුතු රුපියල් ලක්ෂ 100ක මුදල වශයෙන් එම ප්‍රතිපාදන ලබා දෙන බව අමාත්‍යවරයා කීවේය.
මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරැම මහතාගේ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

