මන්ත්‍රීන්ට තීරු බදු සහනය දුන්නොත් වර්ජනයක්


අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනටද අහෝසි කළ තීරු බදු රහිත වාහන හිමිකම මන්ත්‍රීවරුන්ට යළි දීම සඳහා යම් සහනයක් සැළසීමට රජය තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියනුයේ මේ සඳහා වන සහනදායී වැඩපිළිවෙළක් ගැන ලබන සතියේ තීරණයක් ගන්නා බවයි.

මන්ත්‍රීවරුනට පමණක් එම සහනය සැළසුවහොත් රජයේ වෛද්‍යවරුන් හා ඉහළ පෙලේ රජයේ සේවකයින් තමනට එම වරප්‍රසාදය හිමිකර දෙන ලෙස ඉල්ලා වර්ජනයක් කිරීමට යන බවද දැනගන්නට ඇත.