රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි රක්වාන අඩවිවන නිලධාරීවරයා මෝසමක් මගින් ඉදිරිපත් කළ බි වාර්තාවක් ද පෙරදින (26) ගොඩකවෙල පොලීසියෙන් ඉදිරිපත් කළ බීවාර්තාවක්ද සැලැකිල්ලට ගත් ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් කාංචනා එන් ද සිල්වා මහත්මිය එම සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි යළිත් නියෝග කළාය.
පසුගිය 24 දින ගොඩකවෙල පොලිස්ථානයේදී වනසංරක්‍ෂණ නිලධාරින් භාරයේ සිටි සැකකරුවන් සහ කළුගල් පැටවු ටිපර් රථයක් මුදාගෙන යාම සම්බන්ධව ගොඩකවෙල පොලිසිය අංක බී 2261/13 දැරණ වාර්ථාවෙන් අධිකරණයට කරුනු වාර්තා කර තිබුණි.
පොලිසිය ඉදිරිපත් කළ එම බිවාර්තාව අනුව වනසංරක්‍ෂණ නිලධාරින්ගේ බාරයේ සිටි බව කියන සිරිපුරගේ අජිත්කුමාර, පල්දෙනිය ලදගෙදර ප‍්‍රදීප් කුමාර, ජයසුන්දර ආරච්චිගේ පාලිත” බුවනෙකබාහු සිත්තරාගේ විජයබාහු යන අය ද රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා ද සිද්ධියවන අවස්ථාවේ පොලිස්ථානය තු සිටි බව දක්වා තිබුණි. එසේම පොලිස්ථානයේ විශාල පිරිසක් සිටි බවත් ඒ අතර වනසංරක්‍ෂණ නිලධාරින්ද සිටි බවත් එහි සදහන්වු අතර පසුව බලනවිට සියලූ දෙනොම පොලිස්ථානයෙන් පිටව ගිය බවද ඉන් අනතුරුව සැකකරුවන් පැහැරගෙන යාමක් සම්බන්ධව වනසංරක්‍ෂණ නිලධාරීන් පොලීසියට පැමිණිලි කළ බවද පොලිසිය පෙරදින (26) අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ දැක්වේ.