මන්ත්‍රීණියට ගස් ගිය පොලිස් දෙන්නා ගහෙන් බහී


බස්නාහිර පළාත් මන්ත්‍රීරියක විසින් ගෙදර මෙහෙකාර වැඩට යොදාගත් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස‍්පති විසින් අද ගම්පහ හා නුගේගොඩ පොලිසිවලට මාරු කරනු ලැබූහ. කොස් කැඩීමටත්, වත්තේ පොල් එකතු කිරීමටත්, කඩේ යෑම ඇතුළු ගෙදර සියලු වහල්වැඩ තමන් ලවා කරවා ගත් බව එම කොස්තාපල්වරුන් අභියාචනයක් මගින් පොලිස්පතිට දැන්වීය.

මෙම මන්ත්‍රීවරියට ආරක්ෂකයන් අවශ්‍ය නම් හමුදාවෙන් ලබා ගන්නැයි උපදෙස් දී ඇති බවද දැනගන්නට ඇත.