කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාගේ කුලියාපිටියේ ඉදිකෙරෙන නිවසේ ප්‍රධාන බාස් ආර්.ඩබ්ලිව්.ඒ ප්‍රියන්ත කුමාර හා මුරකරු ජී.ඒ ධර්මසේන ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්ත මහතා නියෝග කළේය.
කාරියවසම් මහතා ඉදිකරගෙන යන නිවසෙහි රුපියල් හාරලක්ෂයක් පමණ වන දැව හා යකඩ සොරකම් කළැයි ඒ දෙදෙනාද තවත් තිදෙනෙක්ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
දැව මිළට ගත් බව කියන චමින්ද සම්පත් හා නිවසේ ඉදිකිරීම් කටයුත්වල යෙදී සිටි එස්.ඩී ලලිත් ප්‍රියන්ත හා ආර්.ඒ චන්දන දේශප්‍රිය රුපියල් ලක්ෂය බැගින් ඇප මත මුදාහරි හරිනු ලැබුහ.