මන්ත්‍රී සුමන්තිරන් ඝාතන තැතට හිටපු කොටි 4 ක් සැකපිට


දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතන සැලැස්මක නිරත වූ බව කියන පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් සිව්දෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

විදේශගතව සිටින කොටි ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතාවක් මත මෙම සැලැස්ම ක්‍රියාත්මක කර ඇති අතර බෝම්බ ප්‍රහාරයකින් මෙම ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධි අංශ විසින් අනාවරණය කර ගනු ලැබ තිබේ.

මේ පිළිබද රජය හා ආරක්ෂක අංශ විසින් සුමන්තිරන් මහතාට ද දැනුම් දී ඇති අතර ඔහුගේ ආරක්ෂාවද තර කිරීමට රජය පියවර ගෙන තිබේ. තවද ආරක්ෂාක හේතූන් මත පසුගිය ජනවාරි 13 වැනිදා යාපනයේ පැවති උත්සවයකට හා රැස්වීම් කිහිපයකටද සුමන්තිරන් මහතා සහභාගී නොවුණු අතර ඔහු සහභාගී වන රැස්වීම් හා උත්සවද අඩු කරගෙන ඇත.