
(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ස්ථිරයෙන්ම අහෝසි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
තම තමන් වෙනුවෙන් පනත් හදාගෙන ජනතාවට බර පටවන එක සාධාරණ නැතැයි පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසිය ජාතික ජන බලවේගය ඡන්ද කාලයේදී ජනතාවට දුන් පොරොන්දුවක් බවද සඳහන් කළේය.
ඔහු මෙසේද ප්‍රකාශ කළේය
" දැන් ජනතාවට නැති කාලයක්.ජනතාවට තියෙන කාලෙට මේ අයටත් හම්බවෙයි. දේශපාලනය තමන්ගේ ජීවත් වෙන මාර්ගය කරගන්නවා නම් ඒ දේශපාලනය ප්‍රතික්ෂේප කරන ව්‍යාපාරයක් තමයි අපි. ඒ නිසා කාට හරි මරාගෙන මැරෙන්න දෙයක් නැහැ. ජීවත් වෙන්න විදියක් නැත්නම් අපි අස්වැසුම දෙන්නම්. අස්වැසුමට ලියන්න. අස්වැසුමක් හදාගන්න පුළුවන්."

