පාර්ලිමේන්තු මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතාගේ වාහනයට ඔහුගේ බොරැල්ල කොටා පාර පිහිටි නිවස අසලදී පහරදී අලාබ හානි සිදුකර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහුගේ රිය නිවසේ සිට ප්‍රධාන මාර්ගයට පිටුපසට ගනිද්දී යතුරු පැදියක ගැටීමෙන් පසු ඇතිවූ ආරවුලකදී මන්ත්‍රීවරයාගේ රියට ගල් ප්‍රහාර එල්ල කිරීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
උනයිස් මහතා තමාට පහරදුන් බවට එම තරුණයාද පොලිසියට පැමිණිලි කර තිබේ.
ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා ඉදිරිපත් වී සිටින්නෙකි.

