මන්ත්‍රී රිය ඇඟළුම් බසයේ හැපේ


දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතා ගමන් කළ පැජරෝ රථය අද අලුයම අහංගම කතළුවේදී ඇඟළුම් සේවකයන් රැගෙන ගිය බසයක හැපීමෙන් මන්ත්‍රීවරයා ද ඔහුගේ රියේ ගමන් කළ තිදෙනෙක් ද ඇඟළුම් සේවක සේවිකාවෝ 26 දෙනක් ද කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූහ.