(අජිත්ලාල් ශාන්තඋදය)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ටී රංජිත් සොයිසා මහතා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරිමට පැල්මඩුල්ල මහේස්ත්රාත් ජනිතා රෝෂිනී පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය.
අයුතු ජන රාශියක සාමාජියෙක්ව සිටිමින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 16 වැනි දා ඔහුව අත්අඩංගුවට ගැණිනි.
මහේස්ත්රාත්වරිය මෙම නියමය කළ ලබන ජනවාරි 1 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළ නියෝගය සංශෝධනය කර සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෝසමක් සැළකිල්ලට ගැනීමෙන් පසුවය.
මෝසම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වු ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පවිත්රාදේවි වන්නිආරච්චි, යන නීතිඥ මහත්ම මහත්මීන් ඇතුළු නීතීඥවරු විශාල පිරිසක් සැකකරු වෙනුවෙන් අධිකරණයේ දී නැගී සිටියහ.

