ග්‍රාම නිලධරයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් විජේසිංහ මහතා අද (22) දහවල් නීතීඥවරයකු මාර්ගයෙන් පිලැස්ස අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් ලක්ෂයක සහතික ඇප හා එක්දහස් පන්සීයයක මුදල් ඇප මත මුදා හරින්නැයි පිලැස්ස ප්රධාන මහෙස්ත්‍රාත් නාමල් බණ්ඩාර මහතා නියෝග කළේය.
ලබන 25 වැනිදා යළි අධිකරණයේ පෙනී සිටින්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කැරිණි.

