මන්ත්‍රී ප්‍රේමසිරි රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න එක්වෙයි


(අංජුල මහික වීරරත්න)

ලංකා ඉතිහාසයේ  මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරන  වැඩපිළිවෙළට ශක්තියක් දීම වෙනුවෙන් තමා එක්වන බව ගම්පහ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි කාරියවසම් පවසයි.

පසුගිය සමයේ ජනතාව විඳි අපමණ දුක්ගැහැට වලින් මුදවා ගැනීමට  පිළියමක් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු විසින් මේ වන විටත් ඒ බව ප්‍රායෝගිකව ඔප්පුකර ඇති නිසා තමන් මේ තීන්දුව ගත් බවත් හිටපු නාගරික මන්ත්‍රීවරයා කීය.

තමන් සමඟ මෙතෙක් ගම්පහ දේශපාලන කටයුතු වල නිරත වූ ක්‍රියාකාරීන් රැසක් සමඟ එක්ව මෙම තීන්දුව ගත් බවද  ප්‍රේමසිරි මහතා පැවසීය.