2 විගී + වාසු + උදය = 0 හෝ 2V + U = 0 යනුවෙන් අලුත් ගණිත සූත්‍රයක් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඉදිරිපත් කළේය. ඒ අද (27) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
විග්නේෂ්වරන් හා වාසුදේව V වන අතර උදය ගම්මන්පිල U වශයෙන් හැඳින්වෙන බවත් ජාතිවාදය අවුලුවන අයගේ කිසිදු වටිනාකමක් නොමැති හෙයින් උත්තරය බිංදුව බවත් ඔහු කීවේය.
විග්නේෂ්වරන් වාසුදේව ගේ මස්සිනා බවද දෙන්නා එක්ව උතුරේ හා දකුණේ ජාතිවාදය අවුලවන්නට කුමන්ත්‍රණ කරන්නේ යැයි ද ඒකාබද්ධ කල්ලියටත් ජාතිවාදයෙන් තොර ගොඩ ඒමක් නැති බව ද මන්ත්‍රීවරයා කීය.