වැට් බදු වැඩි කිරීමෙන් නොනැවතී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සහ වරප්‍රසාද වැඩි කිරීම බදු ගෙවන දුප්පතා පිට බැරි බර පැටවීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව පවසයි.
මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට විරුද්ධ බවද වැට් බද්දෙන් නිදහස් කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවාදැයි මෙතෙක් ප්‍රකාශ කර නැති බවද ඔහු කීවේය.
මහින්ද රාජපක්ෂ රජය කාලේ ආර්ථිකය කාබාසිනියා කළා නම් ඔහුට බැන බැන සිටීමෙන් ඵලක් නොමැති බවද ඔහු කීය.


