මන්ත්‍රී කාර්යාලයයට පොලිසියෙන් යයි


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ජී එච් අජිත් කුමාර මහතාගේ කාර්යාලයයට අද පස්වරු හතට පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හා පොලිසියේ පස් දෙනකු පමණ බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි මන්ත්‍රීවරයා පොලිස්පතිට පැමිණිලි කළේය.

ඔවුන් කිසිදු නීත්‍යනුකූල ලියැවිල්ලක් නැතිව කාර්යාලයයට ඇතුළු වූ බවත්, තමාගේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඔහු විසින් පොලිස්පතිට යැවුණු ලිපියේ සඳහන්ය.

මේ ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.