ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාන්තා සමුළුවේ දී හදිසියේ අසනීප වී බදුල්ල රෝහලට ඇතුළු කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.
සමුළුව අවසන් මොහොතේ දී ක්ලාන්තය සෑදීමෙන් මන්ත්‍රීවරිය රෝහල් ගත කරනු ලැබුවාය.
හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන සුදර්ශනී මහත්මිය විශේෂඥ වෛද්‍යවරියක ද වන්නීය.

