දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රෝගී තත්වයක් නිසා රෝහල් ගතව සිටීම හේතුවෙන් නඩුව විභාගය අප්‍රේල් 26 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (10) නියම කළේය.
මෙම නඩුවේ සාක්කි විභාග කිරීම සඳහා කැඳවනු ලැබු මුත් මෙහි ප්‍රධාන විත්තිකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නොමැති වීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළේය.

