නොවැම්බර් 15 වැනි දා ශ්‍රි ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට ඉන්දිය අගමැති ආචාර්ය මන් මෝහන් සිං නොයෙන බවත් විදේශ ඇමැති සල්මන් කුර්ෂිඩ් නියෝජිත පිරිස මෙහෙයවන බවත් ඉන්දියාවෙන් ලැබුණු අලුත් ආරංචි කියයි. ඉන්දීය උප ජනාධිපති හා ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන මොහොමඩ් අන්සාරි, මන්මෝහන් සිං වෙනුවට පැමිණීමට නියමිතව සිටියත් ඔහු ද නොයන බව නවදිල්ලි ආරංචි කියයි.