මධූෂ්ගේ ගෝලයා මරුදකී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඔරුවල වානේ සංස්ථාව අසළදී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් වෙඩි පහරකින් බරපතල තුවාල ලබා සිටි රණසිංහ ආරච්චිලාගේ අසිත නොහොත් බණ්ඩා නැමැත්තා අද (18) කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඔහු මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයකු බව පොලිසිය පවසයි.

ඉකුත් 4 වැනිදා සිදුවූ වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ට කිසිදු තුවාලයක් සිදු නොවූ අතර මෙම පාතාල සාමාජිකයාගේ හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයක් ද සිදු කෙරිණි.

අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මෙම පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට යාමේදී මයික්‍රො වර්ගයේ ගිනි අවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් මෙම පුද්ගලයා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.