මධුවන්ත - සුචින්ත ඞී. එස්. පිල ගොඩගනිති


ඞී. එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (21 වැනිදා) ආරම්භ වුණ හත් වැනි ‘රන් සටනේ’ පළමු දිනයේදී ඞී. එස්. සේනානායක විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 253 ක් ලබාගත්තේය.

පළමු දිනය අවසන් වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන මහානාම විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 24 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් ඞී. එස්. සේනානායක විදුහලට වඩා තවත් ලකුණු 229 ක් පසුපසින් සිටී.

කාසියේ වාසිය දිනාගත් මහානාම විදුහලේ නායක පවන් දේවින්ද පළමුවෙන්  පන්දුවට පහරදීම සඳහා ඞී. එස්. සේනානායක විදුහලට ආරාධනා කළේය. මහානාම විදුහලේ වමතින් පා දඟ පන්දු යවන කී‍්‍රඩක දිනුක චමත් ලකුණු 90 කට කඩුලූ 9 ක් දවාගැනීමට සමත්විය. ඔහුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඞී. එස්. සේනානායක පිලේ කඩුලූ එක පිට එක දැවී යද්දී 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හරිත් මධුවන්ත සහ සුචින්ත කරුණාරතත්න තම කණ්ඩායමේ මුලූ ලකුණු ප‍්‍රමාණය 253 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූහ.

හරිත් මධුවන්ත ලකුණු 58 ක් ලබාගත්තේ පන්දු 120 කට මුහුණ දෙමිනි. ඔහුගේ සුපරික්ෂාකාරී ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සුචින්ත කරුණාරත්න පන්දු 93 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 53 ක් ලබාගැනීමට සමත්විය.

ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම  ඕවර 69.1 කදී සියලූදෙනා දැවී 253
(හරිත් මධුවන්ත 58, සුචින්ත කරුණාරත්න 53, උවින් බණ්ඩාර 47, ෂිෆ්රාන් මුතාලිෆ් 33, දිනුක චමත් 90/90)

මහානාම විදුහල පළමු ඉනිම  ඕවර 10.3 කදී කඩුලූ 3 ක් දැවී 24
(පවන් දේවින්ද 10, බිනුර ප‍්‍රනාන්දු 12/2)