මධ්‍යම රජය පළාත් සභා සතු බලතල පවරා ගැනීමට එරෙහිව විරෝධය පළකරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
මෙරට පළාත් සභාවන් සදහා පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කර එම පළාත් සභා ස්වයං පාලනයක්ව පැවතීමට මධ්‍යම රජය ඉඩකඩ සලසා දිය යුතු බව ද විග්නේෂ්වරන් මහතා පවසා තිබේ. උතුරේ දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා එසේ කියා තිබේ.
“සියළු පළාත් සභාවල මහ ඇමතිවරුන් මධ්‍යම රජයේ බලතල උදුරා ගැනීමේ ක්‍රියාවලියට එරෙහි වීම අගය කළයුතුයි“
“පළාත් සභා නවයටම ස්වයං පාලන අයිතිය දිය යුතුයි.උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළහොත් බලතල සුදුසු ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ සඳහා සියළුම පළාත් සභා එක්විය යුතුයි“ යැයි ද විග්නේෂ්වරන් මහතා පවසා ඇත.

