මධ්‍යම පළාතේ පුරාවිද්‍යා ස්ථාන නාම දැක්වෙන පුවරු සවිකිරීම මධ්‍යම පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ එල්.එම්.ගුණතිලක බණ්ඩා මහතා විසින් කුණ්ඩසාලේ දී ආරම්භ කැරිණි.
මීට පෙර සවිකර තිබූ මාර්ග නාම පුවරු දිරාපත්වී විනාශ වී තිබූ හෙයින් ඒවා අලුත්වැඩියා කර ගඩලාදෙණිය, ඇම්බැක්ක, දෙගල්දොරුව, නාලන්ද, ගංගාරාමය, සීගිරිය, කළුදිය පොකුණ, මාරස්සන සෝමාවතිය, හඟුරන්කෙත වැනි ස්ථානවලට සංචාරකයින්ට ගමන් කළ හැකිවන පරිදි එම මාර්ග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථානයක් වශයෙන් හඳුනාගත හැකි ලෙස පුවරු සවිකරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා කීය.



