( ෂේන් සෙනෙවිරත්න)
පැවති අයහපත් කාලගුණික තත්වත්වය හමුවේ සිදු වූ ආපදා හේතුවෙන් මධ්‍යම පළාතේ පාසල් 159 කට හානි සිදුව තිබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මධ්‍යම පළාතේ පාසල් 115 ක අවතැන් කඳවුරු පවත්වාගෙන යන බවයි.
හානියට පත්ව තිබෙන පාසල් බරපතළ හා අර්ධ හානි ලෙස වර්ගීකරණය කරගෙන යන බවත් අවතැන් කඳවුරු පවත්වාගෙන යනු ලබන පාසල් සහ හානි සිදු වූ පාසල් හැර සෙසු පාසල් එළඹෙන 16 වැනි දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

