මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයින් 1190ක්


 
(පී.එම්. රාජපක්ෂ)

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 19 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 47 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 37 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 04 ක් හ මාතලේ දිස්ත්‍රික්කයෙන් 06ක් රෝගීන්  වශයෙනි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 765 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 331 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94 දෙනෙකු ද වාර්තා වී ඇත.

මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 224කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 149කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 17 කි.

මේ අතර මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කො‍රෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හයක දෙසැම්බර් 19 දින 6.00 වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 725 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල දෙසැම්බර් 19 දින  පැය 24 ක කාලය තුළදී රෝගීන් 129 ක් ඇතුළත්කර ඇති අතර එදින සුවය ලබා පිටවූ සංඛ්‍යාව 45 දෙනෙකි