මධ්‍යම පළාත් සභාව ලබන සිකුරාදා (21) විසුරුවා හැරීමට බොහෝ විට ඉඩ ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමති මාතලේදී මින් මද වේලාවකට පෙර පැවසුවේය.
විසුරුවා හැරීම නිර්දේශ කිරීමේ ලියකියවිලි මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකානායක මහතා විසින් මධ්‍යම පළාත් ආන්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට ලිඛිතව ලබා දී ඇතැයිද ඇමති කීවේය.