මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් නිල සංචාරයක් සඳහා දින දහයකට පෙර සිංගප්පූරුව බලා ගොස් ඇත. එහිදී ආණ්ඩු පක්ෂයේ එක් මන්ත්‍රී වරයෙක් එරට කාන්තාවගේ අඟ පසඟ ඇල්ලී යැයි සිගප්පූරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
අද (16) අලුයම සංචාරය නිමා කර මන්ත්‍රී වරුන් ලංකාවට පැමිණියද අදාල මන්ත්‍රී වරයා පැමිණ නැත.
මේ පිළිබද සංචාරයට සහභාගී වූ මධ්‍යම පළාත් සභාවේ සභා ලේකම් ටී.එන්.එස්. බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් විමසා සිටි විට එවන් සිදුවීමක් තමන් නොදන්නා බවත්, එම මන්ත්‍රීවරයා ලංකාවට පැමිණීයේද නැද්ද යන්න තමන් නොදන්නා බවත්ය.
මධ්‍යම පළාත් සභාවේ සභාපතිගේ නිමලසිරි මහතාගෙන් විමසූවිට එවැනි සිද්ධියක් සිදු වුවද එය අත්වැරැද්දකින් සිදු වූ බවත් එය එතරම් බරපතල දෙයක් නොවන බවත් පැවසීය. එසේම අදාල මන්ත්‍රී වරයාඅත්අඩංගුවට ගත්තා නොව පොලීසියට රැගෙන ගිය බවද පැවසීය. ඔහුගේ පෞද්ගලික කාරණාවකට සිංගප්පූරැවේ නැවතුණු නිසා අද ඔහු නොපැමිණී බවත් කීවේය.

