මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 76 වැනි වියේ පසු වූවාය.
ඇය 2015 ජනවාරි 27 වැනි දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර තනතුරට පත් වූවාය. රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නාලන්ද එල්ලාවල මහතාගේ මෑණියන් වූ සුරංගනී එල්ලාවල මහත්මිය කලක් පාර්ලිමේන්තුවද නියෝජනය කළාය.
මහනුවර මහ රෝහලේ සිට ඇගේ දේහය අද පෙරවරුවේ මධ්‍යම පළාත් සභාවට රැගෙන යාමට නියමිතය.

