මධ්‍යම කඳුකරයේ පස සේදී යාම වැඩිවෙලා


මධ්‍යම කඳුකර පස් සෝදා පාළුව බරපතල බවත් ශ්‍රි ලංකාව ඉතියෝපියාවක් බවට පත්වීමේ සම්භාවිතාවක් මතුවී ඇති බවත් සබරගමුව විශ්ව විද්‍යාලයේ පාරිසරක විද්‍යා මහාචාර්ය පි.අයි. යාපා කියයි.

ඉදිරි දසක 2-3ක් ඇතුළත සෝදා පාළුව වැළැක්වීමට විශේෂ වැඩ පිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

පේරාදෙණීය විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ පැවැති වැඩමුළුවකදී මහාචර්යවරයා ඒ බව කීය. දෙල්තොට පීටර් ඩන්කන් පදනමේ මෙහෙයවීමෙන් පැවැති මේ සමුළුවේදී ඔහු කීවේ රට තුළ පහසුවෙන් කළ හැකි බවත් චීනය මේ වන විටත් කාන්තාර හරිතකරණ වැඩ පිළිවෙළ සාර්ථකව ඉටු කර ලෝක හරිතකරණයට  හොඳ මඟක් තනා දී ඇති බවත් ඔහු කීය.

කඳුකරයේ සෝදා පාළුව වැලැක්වීමට නැවත වන වගාව ආරම්භ කළ යුතු බවද ඒ සඳහා දේශීය ශාක හා ආවේණික ශාක පමණක්  රෝපණය කළ යුතු බවද පෙන්වා දෙන මහාචර්යවරයා ආනයන ශාඛ වලින් තවත් පාරිසරක අර්බුද නිර්මාණය විය හැකි බවද කීවේය.