මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම බහී


මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය සමග කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 45% දක්වා පහළ බැස ඇතැයි විදුලි බල මණ්ඩලයේ උසස් නිලධරයකු පැවසීය.
එම ජලාශ දෙකින් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසුරෙන්ද්‍ර හා පොල්පිටිය ජල විදුලි බලාගාරවලට විදුලිය උත්පාදනය සඳහා ජලය නිකුත් කෙරේ. වියලි කාලගුණය තවදුරටත් පැවතියහොත් එම බලාගාරවල උත්පාදනය කැරෙන විදුලිය තාවකාලිකව සීමා කිරීමට සිදුවන බවද විදුලි බල මණ්ඩලය පවසයි.
1-(1) 1-(3) 1-(7)