මධ්‍යම කඳුකරයට තද වැසි : ප්‍රධාන මාර්ගයත් ජලයෙන් යටවෙයි



 
 
රංජිත් රාජපක්ෂ                      

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (1)  පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ රථ වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇතැයි පොලිසිය පවසයි.


හැටන් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල අසල මිටර් 200 පමණ වැසි ජලයෙන් යටවීම නිසා එම  මාර්ගයේ ගමනාගමන කටයුතුවලට අඩාල වී තිබේ.


වැසි ජලය ගලා බසිනා කාණු පද්ධති අවහිරවීම නිසා වැසි ජලය  ප්‍රධාන මාර්ගය දිගේ ගලා බසිනා බව ප්‍රදේශවාසීහු පවසති.