මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ කටයුතු හෙට බදාදා (01) අලව්ව-ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කුඩගම්මන දී ආරම්භ කෙරේ.
මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර 39.29 දුරකින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර සඳහා ආයෝජනය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 137.098 කි.
මීටර 3.6 බැගින් වන මංතීරු හතරකින් ඉදි කිරීමට නියමිත මාර්ගයේ පළල මීටර 23 කි. මීරිගම, නාකලගමුව, මල්පිටිය, පොතුහැර සහ කුරුණෑගල යන ස්ථානයන්හි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහක් ඉදි කරන බව මහාමාර්ග අමාත්‍යංශය කියයි.
2019 වසරේ මැද වන විට මෙම අදියරේ වැඩ නිම නිරීමට බලාපෙරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දෙවැනි අදියරේ වැඩ ආරම්භ කිරීමට නියමිතය.
ඡායාරූපය - මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියෙනි


