පසුගිය මාස පහේ දී මදුරුවන් බෝවන්නට ඉඩ හළ දෙදහස් හත්සිය හැත්තෑ තුන් දෙනකුට නඩු පවරා රුපියල් 5182000 දඩ අය කරගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම් සී.එස් මුතුකුඩ මහතා කියයි.
ඩෙංගු මදුරුවන් ඇති බවට ස්ථාන 314321 ක් පරික්ෂා කළ බවත් ඉන් 9206 කට නිවේදන නිකුත් කළ බවත් ඔහු කියයි.
පසුගිය මාස පහේදී ඩෙංගු රෝගීන් 135999 ක් වාර්තා වු බවද ඔහු කියයි.