මදුරු මර්දන සහයකයින් ලෙස පැමිණ ගෙට සුද්දයක් දීලා


( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මදුරු  මර්දන සහයකයන් ලෙස කැස්බෑව බටුවන්දර නිවසකට වෙස් වලා ගෙන පැමිණ පුද්ගලයන් තිදෙනෙක් 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්ගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි  කැස්බෑව පොලිසිය කියයි.

පැමිණි කොල්ලකරුවන් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා  රන්මුදු,  රන් මාල ,රන් වළලු හා ජංගම දුරකථනයක් කොල්ල කා පලාගොස් ඇත.

හොඳින් හැඳ පැළඳ අත ෆයිල් කවර සහ ලිපිලේඛන අතැතිව පැමිණ තිබූ කොල්ල කරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැකයක් ඇති නොවන පරිදි කොල්ලකෑම සිදු කළ නිවස  ඉදිරි පසින් පිහිටා තිබෙන නිවෙස් දෙකක  අවට පරිසරයේ ඩෙංගු කීටයන් සිටිනවාදැයි පරීක්ෂාකර  අනතුරුව මෙම නිවෙස වෙත පැමිණ තිබූ බව පොලිසිය පොලිසිය සඳහන් කරයි.

එම නිවෙස් දෙකේ දෙතුන් දෙනකු සිටින අයුරු  නිරීක්ෂණය කර තිබූ කොල්ල කරුවන්  මෙම නිවසට පැමිණ වයෝවෘද්ධ කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා ඇති අතර ඇය එය ලබාදීම සඳහා මුළුතැන්ගෙට පිවිසීමේ දී  නිවසේ වෙනත් කිසිදු අයෙක් නොමැති බවට තහවුරු කරගත කොල්ලකරුවන් ඇයගේ කට තදකර පැළඳ සිටි රන් මාලය කොල්ල කා තිබූ බව පොලීසිය සඳහන් කරයි.