මද්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම්වලින් රුපියල් කෝටි 20ක බද්දක් අය කිරීම සඳහා නව රජය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අගවිනිසුරු කේ ශ්‍රීපවන්, සිසිර ද ආබෘ සහ අනිල් ගුණරත්න මහත්වරුන්ගෙන් විනිසුරු මඩුල්ල සමන්විත විය.
එම බද්ද පැනවීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන බව කියමින් හංවැල්ල ඇක්මි ලංකා ඩිස්ටලරිස්, නිපොන් එක්ස්පෝට්ස්, ස්කොට්ලන්ඩ් ඩිස්ටලරීස්, උවෙල්කා පෞද්ගලික සමාගම් ගොනු කළ පෙත්සම් හතරක් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලිනි.
විරෝධතා ඇත්නම් ඒවා අප්‍රේල් 30 වැනි දාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කැරිණි.
මෙරට මධ්‍යසාර වෙළෙඳපොළ ක්‍රියාත්මක විශාල සමාගම් හතරකට මෙම බද්ද ගෙවීම ප්‍රශ්නයක් නොමැති වුවත් කුඩා පරිමාණයේ සමාගම් අටකට මෙම බද්ද ගෙවිය නොහැකිව වසා දැමීමට සදුවීමෙන් පවුල් 4000කගේ පමණ ජීවනෝපාය අහිමි වන බවත් පෙත්සම්කරුවෝ කියති.

