මදන විසේ ගෙටත් උසේ


ජාත්‍යන්තර පාසලක අවුරුදු 18 ක පිරිමි ළමයකු දින 3ක් තිස්සේ මහරගම ළැගුම් හලක තබාගෙන සිටි තරුණියක් (23) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පිරිමි ළමයා එම තරුණියගේ බාල සහෝදරයාගේ මිතුරකු බවද තරුණිය ඔහුට මත් ද්‍රව්‍ය දී ඇති බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි සොයන බව පොලිසිය පවසයි.

නිවසට නොපැමිණි දරුවා ගැන මව මිතුරන් මඟින් සොයා බලද්දී මොහු තරුණිය රඳවාගෙන සිටින බව පොලිසිය කියයි.