මීගහතැන්න පොල්ගම්පොළ සූරිගොඩ පදිංචිව සිටි අයේෂ් නෙත්සර (17) සිසුවා මාස හතරක කාලයක සිට ආගිය අතක් නැති බව ඔහුගේ පියා පියරත්න අබේසිංහ සමරසිංහ මීගහතැන්න සහ මතුගම පොලීසිවලට පැමිණිලි කර තිබේ.
මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයයේ අධ්‍යාපනය ලැබූ සිසුවා පසුගිය දෙසැම්බර් මස පළමු වැනි දින මතුගම ප්‍රදේශයේ අමතර පන්තියකට සහභාගී වීම සඳහා නිවසින් පිටවී ඇත.
එදින සිට ඔහු පිළිබඳව තොරතුරක් දැන ගැනීමට නොහැකිවී ඇති අතර පසු දින ඒ පිළිබඳ මතුගම පොලීසියට පැමිණිලි කර, පසුගිය 23 වැනිදා මීගහතැන්න පොලීසියට ද පැමිණිලි කර තිබේ.