මන්නයක් අමෝරාගත් මිනිසෙක් නඩත්තු නඩුවක වගඋත්තරකරුවකු පසුපස හඹා යමින් මතුගම මහේස්ත්‍රාත් උසාවි භූමියට ද අද ඇතුළු විය. ඔහුගේ මව ද එහි සිටි බව පොලීසිය කියයි.
ඒ අවස්ථාවේ මහේස්ත්‍රාත් දක්ෂිකා චාමිණී විජේබණ්ඩාර මහත්මිය අධිකරණ කටයුතු අත්හිටුවා විනිශ්චාසනයෙන් නැගිට ගියාය.
වගඋත්තරකරු අධිකරණ ශාලාවට දිව ආවේය.
තව මිනිසෙක් ඔහු ලුහු බැන්දේය.
ඔහු ළඟ තුබූ මන්නය ඒ වන විට උසාවි ගේට්ටුව අසල ලෑලි ගොඩකට තබා තිබිණි. ඇසිඩ් බෝතලයක් ද එහි විය.
පොලිසිය එම පුද්ගලයා ද, ඔහුගේ මව ද අත්අඩංගුව ගත්තේය.