(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගායාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 10 කට ආසන්න වටිනා මත්පෙති තොගයක් බලපත්‍ර නොමැතිව. වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සමඟ ලක්ෂ පහකට ආසන්න මත්පැති තොගයක් සහ ප්‍රවාහනයට යොදාගත් වෑන් රථයද පොලිස් භාරයට ගෙනන ඇත.
පුද්ගලයකු නීති විරෝධී ලෙස මත්පෙති තොගයක් ප්‍රවාහනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක තුන ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේ රැකවල්ලා සිට සිදුකළ වැටලීමකදී සැකකරු මත් පෙති තොගය වෑන් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු තුළ මාළු පෙට්ටි අතර සගවා මෙම මත්කරල් මීගමුව වෙරළ තීරයට රැගෙන ඒමෙන් අනතුරුව වෑන් රථය වෙත ලබාගත් බවට අනාවරණය කර ඇත.