මත්ද්‍රව්‍ය හා මත්පෙති ළඟා තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයකු කුවේටයේදී අත්අඩංගුවට පත්ව ඇතැයි ද ඇරබ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඔහු ළඟ හෙරොයින් කිලෝග්‍රෑම් තුනක්, මත් පෙති දහසක් හා මෙතැම්ෆටමීන් කිලෝවක් තිබී ඇතැයි ද සඳහන් වේ.
ශ්‍රී ලාංකිකයකු මත්ද්‍රව්‍ය විකිණීමේ කටයුතුවල නිරත වන බවට මත්ද්‍රව්‍ය පාලන ජෙනරාල් දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබුණු බවත් ඒ අනුව විමර්ශන කණ්ඩායමක් පිහිට වූ බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටා දක්වමින් ඇරබ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
තොරතුරු සනාථ කරගැනීමෙන් හා අවශ්‍ය නීතිමය පියවර ගැනීමෙන් පසු එම කණ්ඩායම සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කර අදාළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව ඉහත කී මත්ද්‍රව්‍ය, බර කිරන උපකරණ සහ හිස් පැකට් තිබී හමු වූ බව ද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයේ සඳහන්ව ඇත.
මත්ද්‍රව්‍ය ගෙන්වාගෙන කුවෙට් රාජ්‍යයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ඒවා අලෙවි කිරීමට කටයුතු කළ බව ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපෝච්චාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව ද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.